වැහි බිඳුවක්

2025 අප්‍රේල් මස 21 ප.ව. 10:31 - {{hitsCtrl.values.hits}}  

නෙතු අදහනු බැහැ වැහි බිඳුවක්     ඇවිදින්
තුරැපත් අතරේ මෙලෙස ගිමන්     හරිමින්
වැගිරැණු කඳුළකි විහඟකුගේ     දෙනෙතින්
වැහි බිඳුවක් නොව මෙය නම් කිසි     ලෙසකින්

මියෙන වන්නියට සිනහ වැලක්     පුදමින්
කමලක රුඳුණත් දිය බිඳුවක්     විලසින්
දිවි රුකගත් පිනි කැටයකි     දිනකරගෙන්
වැහි බිඳුවක් නොව මෙය නම් කිසි     ලෙසකින්

මහ වරැසාවට මග සරසනා     ලෙසින්
තුරැ දරැ ළමැදක සිනාසුණත්     දිලෙමින්
ගිලිහුණු මුතුවකි ළඳකගෙ     මුතුහරකින්
වැහි බිඳුවක් නොව මෙය නම් කිසි     ලෙසකින්

ඉඩෝරයේ ඉකිබිඳිනා මගේ     නෙතින්
දුටුවේ වැහි බිඳුවක් නම් මේ     විලසින්
මහ රූ මොර දී වැලපෙන ගැඹුරැ    සිතින්
දකින සිහිනයකි මෙය නම් නිසැක     ලෙසින්

නිම්මි දෙව්මිණි
11 ශ්‍රේණිය,
බප/කැල/ ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විද්‍යාලය, කිරිමැටියාගාර,
කඩවත.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...