වැ ස් ස

2025 අප්‍රේල් මස 27 පෙ.ව. 01:30 - 240  


කළුවර වෙලා මුළු අහසම බර     වෙනවා
හෝ ගා හඬින් ගස්වැල් ඇඹරී     යනවා
කුරැලු කොබෙයියන් බිය වී මොර     දෙනවා
මහ වැස්සක් ළඟ එන බව     පවසනවා

මහ බිංදු වැටෙනවා සිසිලක් ගෙන     එනවා
වතුර ගලනවා ඇළ දොළ     උතුරනවා
නැවුම් බවින් ගස්වැල් හැම     පිබිදෙනවා
පලබර වෙලා කෙත්වතු සරැ පල     දෙනවා

විදුලි කොටනවා හෙණ හඬ      පැතිරෙනවා
පුංචි ළමයි බියවීලා     හැංගෙනවා
මහ වැසි වහිනවා ඇළ දොළ     උතුරනවා
ගංවතුරක් ඇවිත් ගේ දොර     යටවෙනවා

ගගනි ගාන්ධර්වි දෙනෙත්ති
7 ශ්‍රේණිය,
කළුතර බාලිකා විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...