විදුහල් පියස

2025 අප්‍රේල් මස 02 ප.ව. 09:18 - {{hitsCtrl.values.hits}}  

නොලැබ ඉස්පාසුවක්
විඩාබර වූ නෙත්සිත්
නොදැක රුයක් දවාලක්
අතැති මහ පොත් කන්ද මිස
ගෙවුණි දොළොස් වසක්
ඒ දුක් සතුටු ගංගා මැද
තබන්නට හැකි නම්
තිතක් නොව කොමාවක්
මගේ සිත ගත පුරා
දිවෙන විදුහල් පියස
හද පිරැණු මතකයට
අවැසි හැම මොහොතක ම
ජීවිතේ හැමදාම
මතුවෙන්න හැකි බව
 මම දනිමි
ඔබට එය දැනුණා ද?

දුලනි ඉෂංකා
12 ශ්‍රේණිය,
ගා/සංඝමිත්තා බාලිකා විද්‍යාලය, ගාල්ල.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...