විදු මවුනි

2025 ජනවාරි මස 09 පෙ.ව. 01:42 - {{hitsCtrl.values.hits}}  

ඔවා සිප් සතරෙන් අප නැණැස් පාදා
පෝෂණය කළ
ගිරාඹේ විදු මාතාවනි
දස දහස් දරැවන්ගේ ආකල්ප කුසලතා
පරිපූර්ණ කළ
ඒ දිනමිණ ඔබයි
ඒ දිනමිණෙන් අප ආලෝකවත් කළේ
ඔබයි
අපගේ ජීවිත තුළ මල්පල
හට ගැන්වීමට දිරිය දෙන
විදු මවුනි
දස වසරක් තිස්සේ ඔබ කළ  මෙහෙය
අති උත්තම ය 
අගනේ ය

දෙව්මිණි අනුරාධා වීරසිංහ
8 ශ්‍රේණිය,
බ/ගිරාඹේ ශ්‍රී ඛේමානන්ද මහා විද්‍යාලය, නුගතලාව.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...