2025 අප්‍රේල් මස 10 පෙ.ව. 08:15 - {{hitsCtrl.values.hits}}
දෙනෝදාහක් පැමිණ වැන්දත්
සුවඳ දුම් කොපමණ දැල්වුවත්
මිහිරි ස්වරයෙන් ගීත ගැයුවත්
නොමැත සෙලවුණේ ඒ විසල් රැව
හිරැගෙ දැහැනින් කෙතෙක් දැවුණත්
සඳුගෙ සිසිලෙන් කෙතෙක් තෙමුණත්
උණු පවන් ඒ ගත දැවටුණත්
නොමැත සෙලවුණේ ඒ විසල් රැව
දුටිමි කිසිවෙක් නොදුටු ඒ අරැත
කෙතෙක් බාධා පැමිණියත් ඔබ
එපා සැලුමට කිසිවිටකත්
හිඳින් නොසැලී සසර සැඩ පහරට
පසක් කරගනු ඒ නිවන් මඟ
කෙතෙක් බැලුවත් ඒ මුව මඬල දෙස
පිරී තිබුණේ ළතෙත් කරැණාව
කෙතෙක් බැලුවත් ඒ මුව කමල දෙස
පිරී තිබුණේ උතුම් සැනසුම
උතුම් ඒ මහ විසල් ගල්රැව
ලොවක් සැනසූ මහා මේඝය
සියඹලන්ගමුවේ පියනන්ද හිමි
ශ්‍රී ධර්මාලෝක මහ පිරිවෙන
නියංගොඩ.
![]() |
diary Read more... |