2025 අප්‍රේල් මස 22 පෙ.ව. 01:06 - {{hitsCtrl.values.hits}}
වීදියෙ නිදා සිටි මා ඇහැර වන්නේ
පෙර පව් නොවෙද මා හට පල දෙවන්නේ
දුක්බර වෙහෙස දිවියකි මා ගෙවන්නේ
පුංචි ළමයි පාසල්යනු පෙනෙන්නේ
ඒ ලෙස යන්න ඇත්නම් මට සිතෙන්නේ
ඉගෙනුම ලබා ලොකු මිනිසෙක් වෙමින්නේ
මගේ සිහින ඒ මේ අත දුවන්නේ
අව්වේ කරවෙමින් වැස්සේ තෙමෙන්නේ
කිලිටි ඇඳුම් ගත දවටා ගනිමින්නේ
කවුරැත් නැතිව සිටිනා මට වීදි කොනේ
දුප්පත් කමයි මගෙ තනියට හිඳින්නේ
කාව්‍යා භාවපූරණි සුමනසේකර
9 ශ්‍රේණිය,
ආනන්ද බාලිකා විද්‍යාලය, කොළඹ 10.
![]() |
diary Read more... |