වීදි දරැවන්ගේ ජීවිත කතාව

2025 ජනවාරි මස 09 පෙ.ව. 01:14 - {{hitsCtrl.values.hits}}  

සෙයිලම හන්දියේ ඔරලෝසුවේ වෙලාව  වදින්නේ
පාරේ දිවයන අප සැම අවදි     කරන්නේ
වෙනදා මෙන් අදත් දවස ගෙවී     යන්නේ
දුක්බර ජිවිතයකි අප සැම     ගෙවන්නේ

අව්වට වේළී වැස්සට තෙමී සැමදා වීදි කොනේ  සිටින්නේ
කවුරැත් නැහැ අප වැනි අයහට උදවු     කරන්නේ
කිලිටි ඇඳුම් පමණයි ගත තදවටා     ගන්නේ
අපගේ තනියට අප පමණයි     සිටින්නේ

පුංචි ළමුන් පාසල් යන අයුරැ     දකින්නේ
අපටත් පාසල් යාමට හැකි නම් කියා  සිතෙන්නේ
අප දකිනා සිහින බොඳවී     යන්නේ
මේ වීදි කොනේ සිටිනා අප සැමදා දුක් විඳින්නේ

හිරැෂි මල්ෂා ප්‍රනාන්දු
10 ශ්‍රේණිය,
ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, කළුතර.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...