වෙරළේ අසිරිය

2025 ජනවාරි මස 09 ප.ව. 03:40 - {{hitsCtrl.values.hits}}  

ඉමක් කොනක් නැති සිතිජය පාමුල
කරදිය ගැටෙමින් හැපෙමින් දස අත
හෝ ගාමින් මහ රුල්ල නගා ගෙන
පුලිනතලාවම තෙත් වී සැම විට

මුහුදු සුළං දස අතම හමාගෙන
සිප්පි ද බෙල්ලො ද වෙරළට ගහගෙන
වැලි මාලිග දිය රුල්ලට බිලිගෙන
වෙරළේ අසිරිය නොනිමෙයි කිසි දින

චමෝදි ජයත්‍රි වීරවර්ධන
10 ශ්‍රේණිය,
බප/ජය/ජනාධිපති බාලිකා විද්‍යාලය,
නාවල.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...