වෙල්යායේ අසිරිය

2025 අප්‍රේල් මස 21 ප.ව. 10:31 - {{hitsCtrl.values.hits}}  

රන් ගොයම් සිලි සිලි හඬ දසත     පතුරන්නේ
වෙල් යායේ දඟලන පඹ මාමා     සිනාසෙන්නේ
ගොයම් කරල් රන් පැහැයෙන් මඳ සුළඟේ     නැළවෙන්නේ
සැන්දෑවේ වෙල් යායක අසිරිය දැන්     දිස්වන්නේ

මඳ පවනේ මිහිරි සුවය ගතට     දැනෙන්නේ
තපස් රකින කොක්කු රූන පියඹා     යන්නේ
බණ්ඩි ගොයම මඳ පවනේ     දඟලන්නේ
සැන්දෑවේ වෙල් යායක අසිරිය දැන්     දිස්වන්නේ

හිරැ කිරණේ රන් පැහැයෙන් වෙල් යායම     බබළන්නේ
මඳ  පවනේ උණ පඳුරැත් ඒ මේ අත     සැලෙන්නේ
තිත්ත පැටවු වක්කඩ ළඟ පිනුම්     ගසන්නේ
සැන්දෑවේ වෙල්යායක අසිරිය දැන්     දිස්වන්නේ

ආර්.එන්. අබේවික්‍රම
9 ශ්‍රේණිය,
බප/ජය/ජනාධිපති විද්‍යාලය, 
මහරගම.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...