වෙල් ඉපනැල්ලේ ගුඩු ගුඩු සෙල්ලම්

2025 අප්‍රේල් මස 21 ප.ව. 07:33 - {{hitsCtrl.values.hits}}  


ගොයම් කපලා ඉවරවෙලා
වෙල් ඉපනැල්ලේ ගුඩු ගුඩු
සෙල්ලම් කරන්න එන්න යාළු
අවුරැද්දක් මග එනවා

කජු ටිකකුත් අරන් එන්න
අඹ ටිකකුත් අරන් එන්න
වෙල් ඉපනැල්ලේ ගුඩු ගුඩු සෙල්ලම්
කරන්න එනවද මගේ යාළු

නගේ මලේ එන්න මෙහේ
නියර දිගේ එන්න අනේ
වෙල් ඉපනැල්ලේ ගුඩු ගුඩු
සෙල්ලම් කරන්න එන්න අනේ

නුවන්ත සස්මිත බාලසූරිය
8 ශ්‍රේණිය,
මොරගනේ මහා විද්‍යාලය,
අගාරඋඩ, මගුලාගම.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...