වෛරයට මෛත්‍රිය

2025 ජනවාරි මස 07 පෙ.ව. 07:25 - {{hitsCtrl.values.hits}}  

බිඟු පුෂ්පාවෝ ක්‍රෝධ නොගන්නේ

සොඳුරුයි මිහිරියි සිත්කලු වන්නේ

ඵලයක් පමණකි අපට ලැබෙන්නේ

මනුසත කුමට ද වාද කරන්නේ

 

අත් වැරදීමට බැණ ගුටි දෙන්නේ

අහල පහල ජන කැල වට වෙන්නේ

සුමිහිරි දසුන් ද සවන පිරෙන්නේ

ඉවසනු කිසිදා නැත වරදින්නේ

 

වෛරයෙන් වෛරය නොසන්සිඳෙන්නේ

මෛත්‍රිෙයන් වෙර සන්සිඳුවන්නේ

එබැවින් අවැසි ද තරහ සිතන්නේ

ලක් මව තුළ මෙත ජනිතත කරන්නේ

 

ඉමල්කා සිළුමිණි

9 ශ්‍රේණිය,

ශ්‍රී සුමංගල බා.ම. විද්‍යාලය,

පානදුර.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...