2025 ජනවාරි මස 07 පෙ.ව. 07:31 - {{hitsCtrl.values.hits}}
රට වට කර ඇති නිල් ජලධාරා හෝ හඬ නංවනවා
ඒ රැලි මතුපිට මාළුන් ලස්සන ගී හඬ පතුරනවා
මුළු රට සුරකින මහ ජල ධාරා රට පොහොසත් කරනා
වෙරළේ සිට හෝ රට නංවන්නට ඔවුනට හැකි වන්නා
බුදුන් වැඩිය මේ ලක් බිම සැමතැන දහම් බලය ඇත්තේ
නුවර මාලිගය රැස් විහිදුවලා මුළු රට දිදුලන්නේ
අනුරපුරේ ශ්‍රී බෝධි රජාණෝ සැමටම මෙත දෙන්නේ
මුළු රට රැකගන්නට මෙන් දෙවිවරු සාධුකාර දෙන්නේ
සමනල මුදුනේ සිරිපා වඳින්න අප සැම එක් වන්නේ
මුදුනින් පහළට ලනා දියවැල් සැම දෙස විහිදෙන්නේ
පිපාසෙ නිවා ගොවිබිම් රැකලා සයුරට එක් වන්නේ
බිඳකුදු අපතේ හරින්න හොඳ නෑ මෙය අප සම්පත නේ
ප්‍රභාෂි චමෝද්‍යා
10 ශ්‍රේණිය,
බප/මතු/ ශාන්ත මේරි මහා විද්‍යාලය,
මතුගම.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |