2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:36 - {{hitsCtrl.values.hits}}
රළු පරළු වදන් වැනි දෙබස් සවනේ වැදේ
කුණු කසළ ඉහිරිච්ච තැනිතලා බිම් තැනේ
නොදුටු නොඇසූ විරෑ මුහුණු සැම තැන පෙනේ
සති පොළේ ඉඟිමැරැම් මගේ දෙනෙතේ රුඳේ
එළවළු කදත් සමග එකට එක පොර බදන
මිනිස් වෙස් ගත් මිනිස්කම් වෙතට සමවදින
මොනර පිල් විහිෙදනා කොළමිටියෙ සිත රුඳෙන
වෙළෙඳ මහතුන් නිසා අඩුලුහුඬු ඇත කෙදින
බඩුමලු අතින් ගත් කතුන්ගේ කෙළි කවට
ඇසේ මිල ගණන් ගැන හඬ තලන වෙළෙඳුන්ට
ගෙල සුදුව ලොම් හැළුණු කපුටන්ගෙ සද්දයට
දැනේ ගොරහැඬි බවක් එහි ය'ෙනන මිනිසුන්ට
අමන්දා ප්‍රසාදි
12 ශ්‍රේණිය,
දප/ඇල්ක/ ගා/ ආනන්ද ජාතික පාසල,
ඇල්පිටිය.
![]() |
diary Read more... |