සඳ ඇති රුය

2025 ජනවාරි මස 10 පෙ.ව. 01:45 - {{hitsCtrl.values.hits}}  


හඳහාමි කන්ද උඩින් එබී     බලනවා
අහස උඩින් කිරි වවුලන් පියඹා     යනවා
පුංචි පුංචි තරැ කුමරියො අඳුර     මකනවා
අන්න බලන් මගෙ මල්ලියෙ තරැ     පායනවා

හෙන්දිරික්කා මල් පිපිලා සුවඳ     හමනවා
ඒ සුවඳත් පිසලාගෙන සුළං     හමනවා
බකුසුහාමි හ්ම් හ්ම් හ්ම්     කියනවා
රුයක සොඳුරැ මිහිරියාව අපට     කියනවා

අපේක්ෂා සෙව්මිණි ඒකනායක
6 ශ්‍රේණිය,
බප/මිනු/ශ්‍රී ඥානෝදය මධ්‍ය මහා විද්‍යාලය, දිවුලපිටිය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...