සඳ එළිය

2024 නොවැම්බර් මස 25 පෙ.ව. 09:14 - {{hitsCtrl.values.hits}}  

තරැ මල් කැට ඈත අහස පුරා     දිලෙන්නේ
හඳ හාමිගෙ තනියට තරැ     වටේ
හරැ මල් කැට සඳක් සමග එබී     බලන්නේ
මුළු පෙදෙසෙම අඳුර මකා එළිය     ගෙනෙන්නේ

කණාමැදිරි එළිය දසත පැතිරී     යන්නේ
බකමූණෝ හූම් කියා කතා     කරන්නේ
මා වවුලෝ රංචු පිටින් ඉගිළී     යන්නේ
කඩුපුල් මල් හෙමින් හෙමින් විකසිත     වන්නේ

මේ සුන්දර අමාවකට කොහේ ද     යන්නේ
එදාට ඔබෙ රුස් කොහේද හංගං     ඉන්නේ
තරැ කැට තනිකර ඇයි ඔබ පමණක්     යන්නේ
මුළු පෙදෙස ම එළිය නැතිව අඳුර     පිරෙන්නේ

ඕෂධී මුතුනිකා මාරසිංහ
7 ශ්‍රේණිය,
කෑ/මාව/සුජාතා විද්‍යාලය,
රඹුක්කන.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...