2025 අප්‍රේල් මස 02 ප.ව. 09:07 - {{hitsCtrl.values.hits}}
විහිදා ලස්සන අත්තටු
උජාරැවට ඉගිළ ගියත්
නුඹේ ලොවේ විසිතුරැ අපි
නැතුවද දන්නේ...
රිදෙනවාද ඔය අත්තටු
දුර ගමනක් ආව නිසා
නවාතැන්පළක් නැතිවද
සොයා බලන්නේ
මැලවුණු මල්වලින් කොහිද
කුස පිරෙන්න මල් මී පැණි
අමා පැන් තොටක් දුටු කල
ඇයි මග හැරියේ
අපි කාටත් ඔය ටිකමයි
මේ ජීවිතයේ
මලේ රොනට මුසපත් වී
ඇයි වැලපෙන්නේ
යසංගා මධුෂානි
6 ශ්‍රේණිය,
ර/කෝන්ගස්තැන්න මහා විද්‍යාලය, රත්නපුරය.
![]() |
diary Read more... |