2025 අප්‍රේල් මස 21 ප.ව. 07:40 - {{hitsCtrl.values.hits}}
සත් සියපත් කුසුමන් මත පියවර තැබුවා කුමරැන්
සල් මල් පෙති රත් ගඟුලින් වැඳුමන් ලැබුවා කුමරැන්
ඉන්ද්‍ර පුරේ සුරයන් අතිනත යැව්වා ඒ කුමරැන්
වෙසඟ දිනේ උපත ලැබුවා පින්වත් සිදුහත් කුමරැන්
කම්සැප විඳුමට සිතැඟිය නැහැ වූයේ අප කුමරැට
නික්ම ගියා මාලිගයෙන් නිවන කුමක්දැයි සෙවුමට
සය වසරක් පුරා දිවිය සීමා විය මහා වනයට
වෙසඟ දිනේ බුදු බව ලැබුණු බෝසත් කුමරැට
සල් මල් පෙති දිය දහරා වැටෙනා ඒ සාල වනේ
මල් පෙති ගිලිහී වැටුණා ශෝකය දනවන විලසේ
මිහිකත හට දැනිලා කම්පිත වූවා රිසි සේ
වෙසඟ දිනේ පිරිනිවනයි වූයේ අප බුදු හිමිගේ
ඩී.චාරැනි සත්සරණි පෙරේරා
11 වැනි ශ්‍රේණිය,
සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය, නුගේගොඩ.
![]() |
diary Read more... |