සම්බුදු තෙමඟුල

2025 අප්‍රේල් මස 21 ප.ව. 07:29 - {{hitsCtrl.values.hits}}  

සිදුහත් කුමරැ බිහිවූවා සල්     උයනේ
මහ බඹු ඇවිත් රන් දැලකින්     පිළිගන්නේ
සතර වරම් දෙවියෝ ඔහු     පිළිගන්නේ
ඉන් පසුවයි මනුලොව අය     පිළිගන්නේ

කම්සැප අතැර දුෂ්කර පිළිවෙත     ගන්නේ
දුෂ්කර ක්‍රියා අතහැර මැද     පිළිගන්නේ
මධ්‍යම ප්‍රතිපදාවෙන් ලොව     ජයගන්නේ
එදිනයි සමිඳු සම්බුදු බව     ලැබගන්නේ

හතළිස් පස්වසක් තුළ බුදු හිමි     දම්දෙසුවේ
බුදු බණ අසා ලෝ සත සසරයි     දිනුවේ
බුදු හිමි දෙසූ බණ මී පැණි ලෙස     රසවේ
එහිදී දෙව් බඹුන් සහ මිනිසුන්     දිනුවේ

බුදු හිමි චාපාල චේතිය පසු     කරලා
වැඩම කළේ පිරිනිවනට සිත     යොදලා
කුසිනාරාවේ සල් මල් ඇත     පරවීලා
අපෙ සම්බුදු පියා දැන් ඇත     පිරිනිවිලා

දසුන් මධුශංඛ
9 වැනි ශ්‍රේණිය,
ර/ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලය,
බලංගොඩ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...