2025 අප්‍රේල් මස 18 පෙ.ව. 08:37 - {{hitsCtrl.values.hits}}
වැවක් ගලන්නට මහ වැසි වැටුණ දින
හීනෙන් ඔබව දැකුමයි මට තිබුණු පැන
වතුර වැටෙන තැන හිමිදිරි උදෑසන
දුටුවෙමු අපි සැවොම ඔබගේ නිසල දෙණ
ඔබ වළ දැමුව මුත් අප මහ වැස්සේ ම
මතකයි ඔබට තිබු මා හැඟි ඉවසීම
සුනඛ වුවත් නුඹෙ ඇති ගතිගුණ බෝම
ආදර ‘රොකී‘ මට සිහි වේ හැමදාම
වෙනදා මෙන් නගුට නොවැනුවෙ කිමද මට
බුක් බුක් ගාමින් තුරැලට නොආවේ ඇයි
නිදා ගත් අත බලා සිටිනුයේ නිසලව
ඉතින් මගෙන් සමුගත්තා ද සදහටම
ශාක්‍යානි තිවංකා
5 ශ්‍රේණිය,
කුලි/ ඇස්සැද්දුම සුභාරතී කනිෂ්ඨ විද්‍යාලය.
![]() |
diary Read more... |