සමුගැනීම

2025 ජනවාරි මස 09 ප.ව. 03:32 - {{hitsCtrl.values.hits}}  

නුපුරැදු තැනකට
පියනැගු කල
හිතට ශක්තිය දුන්නේ
ඔබයි මෑණියනි
මවු සෙනේ වඩාලා 
දැනුම පෝෂණයට
අවැසි මං පෙත් විවර කර දුන්
අපේ කාලයේ දිසාපාමොක්
ඔබයි ගුරැ මෑණියනි
ඔබයි ගුරැ පියාණනි
උගතකු නොව
හොඳ මිනිසකු කරන්නට
යහගුණයෙන් සන්නද්ධ වීමට
උපකාර කළේ ද ඔබයි
ඇදුරිඳුනි
ඔබේ ගුණ කඳ ගයන්නට
වචන නැත මට
අපේ දිවිමගට ශක්තියක් වූ ඔබට
තුතිමල් මිටක්
ආදරණීය වදනින්
දයාබර හැඟුමෙන් පතන්නෙමි
සමුගැනුමට

නියුමි තසංගා බන්නැහැක
7 ශ්‍රේණිය,
කු/මලියදේව බාලිකා විද්‍යාලය,
කුරැණෑගල.  

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...