සමුදෙන්නට බැහැ

2025 අප්‍රේල් මස 21 ප.ව. 10:28 - {{hitsCtrl.values.hits}}  

පුංචි සන්දියේ පොඩි පන්තියේ     සිට
සිප් සයුරේ පා ගමනේ ළඟින්     සිට
සැප දුක දෙකම එකලෙස ගෙන රුඳී     සිට
ඔබ හැර යා නොහැක මිතුරේ මහට     හෙට

එක මුල ලිහා කුසගිනි නිවනා     රසකි
කිසිදා නොමැත තරහක් මිතු දම     නිසැකි
විසිරී යාමට ඇත්තේ ලොබ     සිතකි
මේ සැම තැන ඇත්තෙ අනියත බව ය     සකි

සැමදා මිතුරැ දම් එක ලෙසටම     සුරුකී
ඔබ මා සිටිය කාලය රන් හා     රසකි
වෙන් වී ගිය ද මෙලෙසින් අප දෙදෙන     සකි
උගනිමු අපි හොඳට ඉහළින් එය     නිසැකි

විශල් බොතේජු
10 ශ්‍රේණිය,
මහින්ද රාජපක්ෂ විද්‍යාලය, පිටිපන, හෝමාගම.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...