2025 අප්‍රේල් මස 18 පෙ.ව. 08:16 - {{hitsCtrl.values.hits}}
ඉරටුයි සව් කොළයි අරන්
හරි ලස්සන පාටවලින්
නේක නේක හැඩරැව ගත්
සරැංගලය මං
පැය ගණනක් කල් යොදලා
චූටි මල්ලි හරි වෙහෙසින්
රුලි අලවා හදා ගත්ත
සරැංගලය මං
නූල එක්ක අහසට ගොස්
සුළං බලෙන් පාවීලා
වලාකුළෙන් හාදු ලබන
සරැංගලය මං
සරසි බොතේජු
3 ශ්‍රේණිය,
ජනාධිපති විද්‍යාලය,
හෝමාගම.
![]() |
diary Read more... |