සාහිත්‍යය

2025 ජනවාරි මස 09 පෙ.ව. 01:12 - {{hitsCtrl.values.hits}}  

හවස පිලේ ඉඳගෙන කවි කතා     කියාලා
අප වට කරගෙන සිටියේ අත්ත     මුත්තලා
වැඩිහිටියන් ලෙස අපහට වරද     පෙන්වලා
මතකයි ගුණදම් කීවා හිස     අතගාලා

හීය හාන හඬ ඇසුණේ වෙල්     එළියෙන්
ගොයම නෙළුවේ කවි කිවුවේ එක ම     හඬින්
ළමා ළපටි කමත පුරා දුව     පනිමින්
ගම්මානෙම එක්වූයේ එක      හැඟුමෙන්

ජන දිවියෙන් රසවත් වූ අයුරැ     දැනේ
සාහිත්‍යයෙන් අප ගම රට එළිය     වුණේ
නැළවිලි ගී ඇසුව නිසයි අපි     හැදුණේ
මෙය රුකගෙන මතු පරපුර රකිනු     මැනේ

සුධීෂා තරැෂි දිසානායක
8 ශ්‍රේණිය,
කුලි/විශාඛා බාලිකා විද්‍යාලය.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...