සැන්දෑවේ අසිරිය

2025 ජනවාරි මස 09 ප.ව. 03:43 - {{hitsCtrl.values.hits}}  

හිරැ කුමරා කන්ද ළඟින් බැසගෙන     යනවා
සඳකුමරා කන්ද උඩින් පායා     එනවා
තරැ සියල්ල බැබළි බැබළි අහසේ     දිලෙනවා
සැන්දෑවේ අසිරිය පරිසරෙන්     පානවා

මල්පොහොට්ටු සේරම පරවෙන්නට     යනවා
කුරැලු රූන් කැදලි කරා පියා     සලනවා
සඳ වටකර තරැ සියල්ල බැබළී     යනවා
සැදෑ සමේ සිරි අසිරිය මෙයින්     පෙනෙනවා

ප්‍රබෝධා රත්නමාලි ජයතිලක
7 ශ්‍රේණිය,
බ/වැලිමඩ විජය විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...