2025 අප්‍රේල් මස 19 ප.ව. 07:27 - {{hitsCtrl.values.hits}}
ඉර මාමා කන්ද උඩින් බැසගෙන යන්නේ
උදේ පිපුණු මල් කුමරියෝ මුකුලිත වන්නේ
අපෙ තාත්තා වැඩ නිමවී නිවසට එන්නේ
සැන්දෑවේ අසිරිය මගෙ සිත පුබුදන්නේ
කුරැලු රූන් කැදලි කරා පියඹා යන්නේ
වවුල් රූන් කෑම සොයා පියා සලන්නේ
හෙන්දිරික්කා මලුත් පිපී සුවඳ හමන්නේ
සැන්දෑවේ අසිරිය මට සතුට ගෙනෙන්නේ
චතුනි චමත්කා
5 ශ්‍රේණිය,
බප/කැල/ සුභාෂී රාජකිය මහා විද්‍යාලය,
කරාබුගස්හන්දිය.
![]() |
diary Read more... |