2025 පෙබරවාරි මස 22 ප.ව. 10:25 - {{hitsCtrl.values.hits}}
වෙල් එළියේ දුව පනිමින් සැඳෑ යාමයේ
සුමුදු සුළං පහස විඳිමි දඟලා සිතුසේ
රත් පැහැයෙන් රටා අඳින මළ හිරු කිරණේ
සැන්දෑවට කුඹරු යාය හීනයක් වගේ
දණ්ඩි තිත්ත නොයෙක් මාළු පීනා යන සේ
දොළ හෙමිහිට ගලා බසියි මුණු මුණුව අගේ
මද සුළඟින් සෙලවී යන උණ පඳුර ඔහේ
රස මැව්වා ඉහිමිරි ගීතයක තනු වගේ
හංසනා ආරියරත්න,
10 ශ්‍රේණිය,
බප/හො/ප්‍රජාපතී බාලිකා විද්‍යාලය.
හොරණ.
![]() |
diary Read more... |