2025 අප්‍රේල් මස 21 ප.ව. 04:09 - {{hitsCtrl.values.hits}}
කුරැලු පැටව් කැදලි කරා පියඹා යනවා
විහඟ ගීත හාත්පසින් නිතර ඇසෙනවා
වටින් ගොඩින් කළුවර වී අඳුර වැටෙනවා
තරැ වටකර රූ අහසේ සඳ පායනවා
මා වවුලෝ ගස් අතරින් පියඹා යනවා
පුංචි පුංචි කණාමැදිරි එළි දැල්වෙනවා
සුවඳ හමන කුමුදු සමන් මල් පිබිදෙනවා
මේ සැමදේ සඳ එළියෙන් නැහැවී යනවා
රුහැයි හඬින් මුළු රුයේ ම පාළු බිඳෙනවා
සඳ එළියෙන් විලේ වතුර දිලී රඟනවා
රූ අහසේ වන දෙව්ලියො රැඟුම් රඟනවා
මේ සියල්ල එකතුවෙලා රුය බැබළෙනවා
දිනෙත් සඳළු වීරසිංහ
9 ශ්‍රේණිය,
වෙස්ලි විදුහල,කොළඹ 9.
![]() |
diary Read more... |