සැඳෑවක කවිය

2024 නොවැම්බර් මස 25 පෙ.ව. 07:39 - {{hitsCtrl.values.hits}}  

හිරැ අවර ගිලගත් සැඳෑසමයේ
ආලින්දය පවසයි නිසල  බව 
කැලෑ මල් නුඹ ද   සැඟව යයි
අඳුර ගිලගත් මේ සොඳුරැ යාමේ
පාට පාට වලා සළුමැද
කුරැලු නද කෙමෙන් කෙමෙන්
සැඟව යයි තුරැ මුදුන් පතරේ
මනස උපදවයි සිතිවිලි කවියේ
සිහිල් සුළං රුළි පුබුදයි ගත සිත
තුරැ සෙවණ යට රටා මැවෙනා
ගලා එයි කවි සිතක මහිමය
තෙලිතුඩක මතකය අවදි කරවයි
කවිය නුඹ
මුළු දිවිය පුරා 
ඔබ තරම් මිතුරෙක් නැත
මට හමු වූ 
කවිය නුඹ තරම්

අමායා උඩවත්ත‍ 
8 ශ්‍රේණිය,
මප/ශ්‍රී නාග ජාතික පාසල,
නාඋල.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...