සැඳෑ අසිරිය

2025 අප්‍රේල් මස 21 ප.ව. 03:50 - {{hitsCtrl.values.hits}}  

කුරැලු රූන් රූන් පිටින් පියඹා     එන්නේ
මවයි පියයි වෙහෙස වෙලා ගෙදරට     එන්නේ
හිරැ කුමරා ගිනි බෝලය මෙන් බැස     යන්නේ
මේ සියල්ල සිදුවන්නේ හවසයි     යාළුවනේ

උදේ පිපුණු මල් නම් පරවී     යනවා
ඒ වුණාට හෙන්දිරික්කා පිපිලා     තියෙනවා
සඳ මාමා දුර අහසේ පායා     එනවා
මේ සියල්ල සමග සැඳෑ සිරිය     ගේනවා

තරැ කුමරැන් දිලිසි දිලිසි අහසෙ     බැබළෙනා
රූ කුමාරි මල් පිපිලා සුවඳ     හමනවා
බලන්නකෝ අහසේ හැඩ නංගි     කියනවා
මේ සියල්ල සමගම දැන් රූ බෝ     වෙනවා

ගයත්‍රි මේනකා
8 ශ්‍රේණිය,
බ/විශාකා බාලිකා මධ්‍ය මහා විද්‍යාලය,
බණ්ඩාරවෙල.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...