සැරසෙයි සැණකෙළියට

2025 අප්‍රේල් මස 22 පෙ.ව. 01:02 - {{hitsCtrl.values.hits}}  

නැඟෙයි හිරැ දෙවිඳු උදයත් ගෙන     නිතින
පිපෙයි නෙක කුමුදු සුවඳත් ගෙන     හමන
පෙනෙයි පිනි බිංදු රුඳි මඳහස්        පාන
ඇසෙයි තුට රුන්දු හඬවල් අප     සවන

රතු කහ තැඹිලි පට පිළි     ආකාසයේ
පාවෙන හැටි හරිම අගෙයි     නිරන්තරේ
පුංචි කුරැල්ලනි නුඹ ඔය     සැරසෙන්නේ
මොන සැණකෙළියට ද මට නැහැ     වැටහෙන්නේ

වලාකුළෙන් කුළට සැංගී කරනා     සෙල්ලම්
නිදාගෙනම ආකාසේ ගසනා     කරණම්
රසවත් පල පුංචි හොටෙන් භුක්ති     විඳිනකම්
බලා හිඳින මටත් ඔයා කතා කළා     නම්

 

සඳමිණි රවිහංසා සරණසූරිය
10 ශ්‍රේණිය,
බ/විශාකා බාලිකා ම.ම. විද්‍යාලය,
බණ්ඩාරවෙල.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...