2025 අප්‍රේල් මස 06 ප.ව. 12:57 - 299
දස මාසයක් කුස තුළ මා සිටි අම්මේ
ලේ කිරි කර පොවා මා හැදු වැඩු අම්මේ
නිවසේ බුදුන් යැයි බුදු හිමි දෙසු අම්මේ
ඔබෙ පායුග වඳිමි ආදර සුදු අම්මේ
ආදරයෙන් මා ඇති දැඩි කළ අම්මේ
අගහිඟ මැද පෙරට යන්න දිරි දුන් අම්මේ
මුදල් නොතිබුණත් මා හට ඉගැන්වූ අම්මේ
ඔබේ දෙපා ළඟ දණ නමා වඳිමි අම්මේ
පිනට දහමට මා නැඹුරැ කළ අම්මේ
ආදරයේ බල මහිමය පෙන්වූ අම්මේ
දංකුඩ කා රස බත් මට දුන් අම්මේ
ඔබේ දෙපා වඳිමි ආදර සුදු අම්මේ
කවීෂා හංසමාලි දේදුණු වේරගොඩ
6 ශ්‍රේණිය,
කෑගල්ල බාලිකා මහා විද්‍යාලය, කෑගල්ල.
![]() |
diary Read more... |