2025 ජනවාරි මස 09 පෙ.ව. 01:41 - {{hitsCtrl.values.hits}}
හිරැ කුමරා කන්ද උඩින් එබී බලනවා
ඒ කිරණින් මුළු ලෝකෙම එළිය කරනවා
කුරැල්ලන්ගෙ කිචි බිචි නද ලොව පුබුදනවා
නෙළුම් විලේ මල් ඔක්කොම විකසිත වෙනවා
සුදු කොකුන් පේළි පේළි කෑම සොයනවා
පීප් හඬින් පාසල් රිය හඬ නංවනවා
සුදු ඇඳගෙන පාසල වෙත ළමයින් යනවා
ගිරවු රූන් පේළි සැදී පුහුලන් කනවා
අපෙ අම්මා උදෑසනින් කෑම උයනවා
පිනි කැට මුතු කැට වාගේ පොළොවෙ දිලෙනවා
උදෑසනින් හමන සුළඟ ගත පුබුදනවා
උදෑසනින් අපි ඔක්කොම වැඩ අරඹනවා
චමෝද් ඒකනායක
6 ශ්‍රේණිය,
කුලි/ශාන්ත ජෝශප් මහා
විද්‍යාලය, කුලියාපිටිය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |