2025 මැයි මස 03 ප.ව. 04:43 - 8894
හුන්නස්ගිරිය නකල්ස් යන කඳු පන්ති
ඈතට පෙනෙනවිට සතුටින් සිත මත්වේ
වලාපටල මැද දිස්වන රැවැත්ති
මේවා දකින්නට මගෙ නෙත් පින් ලද්දී
සීන් සේල සේ ඇදෙනා නිල් ගංගා
ඈතට පෙනෙනවා යන හැටි සුළි නංවා
මේවා යටින් ඇදෙනා මිණි කැට හංගා
පොළොවම සරැ කරයි මේ ලස්සන ගංගා
අසිරිය බලන්නට එන මේ කඳු අතරේ
ගස්වැල් මලින් පලබරවේ නිරන්තරේ
මීදුම් වලාවැල් පාවෙන වරින් වරේ
දළදා හිමිට බාරයි මේ වනන්තරේ
කුසිනාරා සැවැත්නි
9 ශ්‍රේණිය,
මාර/බමුණුගම නවෝද්‍යා විද්‍යාලය, මාතර.
![]() |
diary Read more... |