සුන්දර ගම්මානය

2025 අප්‍රේල් මස 10 පෙ.ව. 08:28 - {{hitsCtrl.values.hits}}  

වන මල් පිපී වැට දෙවටේ              ගම්මානේ
සුන්දර සිරි මැවෙයි සීතල              හැන්දෑවේ
විහඟුන් සරන විට රන්පැහැ ගුවන්      ගැබේ
විසිතුරැ මැවෙයි. හිරැ බැසයන නිල්     අඹරේ

දියඇලි ගලයි ගල් අස්සේ             ගම්මානේ
සිරි සිරි හඬ ඇසෙයි සීතළ  දොළ     පාරේ
පෙණ පිඬු නැගෙයි බැස යන මේ දිය     පාරේ
මනමාලියක් වාගෙයි ඇය              ගම්මානේ

පලතුරැ ඉදි පැණි බේරෙයි දිය       අතරේ
බඹරැන් සරයි බිඟුවන් හා හොර     රහසේ
වනමල් පිපී සරසයි හිස තුරැ          ලියගේ
පැණි බේරෙයි මී වදවල              ගිම්හානේ

සඳ පායා එන විට කළුවර              අහසේ
සේපාලිකා මල් සුවඳයි                ගම්මානේ
සඳකැන් පෙරෙයි තුරැ අතුරින්     ගිම්හානේ
දෙව්ලොව සිරි මැවෙයි සුන්දර     ගම්මානේ

ටී.එම්.ජනුදි සිහන්සා තෙන්නකෝන්
6 වැනි ශ්‍රේණිය,
දේවී බාලිකා විදුහල, කොළඹ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...