සුන්දර රාත්‍රිය

2025 ජනවාරි මස 07 පෙ.ව. 02:22 - {{hitsCtrl.values.hits}}  

කෙමෙන් කෙමෙන් හිරැ අවරට බැස     යනවා
කෙමෙන් කෙමෙන් අඳුරත් පෙරටම    යනවා
අහස පුරා සඳකැන් නිති     දිදුලනවා
විහඟ තුරැලතා නිසසල වී     නැළවෙනවා

බෝ සමිඳුගේ බෝපත් සිලි නද     කරවනවා
පුලුන් ගහේ මා වවුලන් විරිදු     කියනවා
කණාමැදිරියන් සැම තැන එළිය     කරනවා
සීත සුළං රූ අහසම මවිත     කරනවා

ඒ මේ අත පෙනකැටි සුළඟේ     පාවෙනවා
කුරැලු පැටවු සීතලේ මවු තුරුලට     යනවා
තුරැලතා මතට පිනිකැට කඩා     හැලෙනවා
පුංචි මල් කැකුළු හෙට දවසට     සැරසෙනවා

සිතුම් මියුරංග
11 ශ්‍රේණිය,
ගා/ ක්‍රිස්තු දේව පිරිමි විද්‍යාලය, බද්දේගම.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...