2025 අප්‍රේල් මස 20 ප.ව. 01:39 - {{hitsCtrl.values.hits}}
රූ අහස පුරා තරැ ඈත පායලා
ගංගාව පුරා දිය රළ නගනා
මල් යාය පුරා මල්වැල් පිරිලා
ගම්මාන පුරා සුන්දරත්වය බෙදනා
වනලැහැබ පුරා වනමල් පිපිලා
කෙත්යාය පුරා ගිරවුන් පිරිලා
කඳු මුදුන් පුරා මීදුම ගලලා
මේ දසත පුරා සිසිලස දැනෙනා
සියොතුන්ගෙ පවා ගී හඬ ඇසෙනා
මහ මුහුද පවා රුළි රුළි නැගෙනා
රන් දෙරණ පවා අබිමන් විඳිනා
සිත් යායා පුරා සෙනෙහස මැවෙනා
චලනි චාමින්දි
10 ශ්‍රේණිය,
ගා/ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලය,
බද්දේගම.
![]() |
diary Read more... |