2025 අප්‍රේල් මස 10 පෙ.ව. 07:38 - {{hitsCtrl.values.hits}}
මහවැලි නදී තෙරින් මැදිවුණ මේ සිරි පුරය
හුන්නස්ගිරි බලන කටුකයි මෙහි එන මගය
හන්තාන හා උඩවත්ත කඳුවැටි හරි මනහර ය
මේ සෙංකඩගලපුර හෙවත් කන්දෙ නුවර ය
සුපුන් සඳේ සඳ කිරණින් රුයේ තිමිර දුරැවේය
වන අරණේ තුරැ සෙවණේ මහරත් මල් සුපිපේය
මද පවන්රුලි සිසිල දසතම හමන්නේය
සෙංකඩගල රජදහන සිරිලක පරසිදු වේය
සේනා සම්මත විකුම් නිරිඳුන්ගේ සිට එදවස
වීර නරේන්ද්‍රසිංහ රජ දක්වා මෙහි සිහසුන
හිමිවුණි අභීත අප සිංහල රජ පෙළපතට
මේ සිරිලක් පින්බිම සෙංකඩගල රජ දහන
මලීෂා ලක්මිණි රාජනායක
10 ශ්‍රේණිය,
හලා/සේනානායක මධ්‍ය මහා විද්‍යාලය,
මාදම්පේ.
![]() |
diary Read more... |