සොඳුරැ පාසල් සමය

2025 අප්‍රේල් මස 21 ප.ව. 04:03 - {{hitsCtrl.values.hits}}  

මේ සුවිසල් අඳුරැ ලෝකයේ
ආගාධයේ පිපී දිලෙන
සිහිලැල් මඳ පවනක් මෙන්
ජීවිත වන්දනාවේ
යාත්‍රා කරන
ගිරි ශිඛරයක් වූවෙමු අපි
මිණි කිරැළක් සියතට ගෙන
මුළු ලෝකයම ආලෝක කරනට
ජවය ලැබුවේ විදුමවුනි -  ඔබගෙනි
පරාර්ථය හමුවේ
හීන වී යන
වටිනාකම් ජීවිතයට ගනිමින්
නව දිවිගමනක් අරඹන්නට
මග සැලසුවේ
ඔබය  - විදුමවුනි
රනින් නිම වූ
දම්පුරැක් ඇති
මිතුරැ කැලකින් 
සොඳුරැ මිනිසත්කමක්
ලොවට දායාද කළේ
විදුපියස - ඔබයි

හෂිනි කෞශල්‍යා
බප/හෝ/ මීගොඩ ධර්මරාජ විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...