2025 අප්‍රේල් මස 19 ප.ව. 01:19 - {{hitsCtrl.values.hits}}
හඳ මාමේ හඳ මාමේ
ඔබට එවන ලියුමකි මේ
මෙය කියවා බලා මෙමට
ඔබෙ පිළිතුරැ එවනු අනේ
අප වටේට කැරකෙන ඔබ
නිවාඩුවක් ගන්නෙ නැද්ද
ඇයි මෙච්චර කැරකෙන්නේ
මහන්සියක් දැනෙන් නැද්ද
පසළොස්වක දාට දිලෙන
ඔබෙ ඔය සුන්දර මුහුණ ම
අමවකට දෙනවා නම්
කොච්චර අගයක් ද ඒක
ඔබ මැද්දේ ඉන්න හාවා
පුලුන්වලින් හැදිලා නේද
ඔයත් එක්ක එකට ඉන්න
හොඳ ම යාළුවා එයා ද
හෙෂානි හංසිකා
8 ශ්‍රේණිය,
හලා/ කරැක්කුව සුගතානන්ද මහා විද්‍යාලය,
මාදම්පේ.
![]() |
diary Read more... |