හිඟන මිනිසාගේ ප්‍රාර්ථනය

2025 ජනවාරි මස 09 පෙ.ව. 01:26 - {{hitsCtrl.values.hits}}  

අනේ නෝනා මහතුනි එපා යන්න අහක බලන්
මට රැපියලක් නොදී බඩු ගත්තා දහස් ගණන්
අවුරැද්දයි පවසන්නේ පිරි ඉතිරී දහස් ගණන්
ගුණ නුවණයි වැදගත් සියල්ලට මනුසත්කම්

වැරහැලි ඇඳගත් මගෙ දරැවො අද මා අසල සිටී
කුඩා කල පටන් උන් බඩගිනි වී හඬන සැටී
බල බලා බෑ ඉන්නට මේ මගෙ සිත උණු වී
අත පෑවෙමි යන එන අයගේ ගුණ දොස් සිහි වී

රැපියල දෙක වැටෙනවා අද මාගේ අත උඩට
සතුටින් සිත ඉතිරී ගියා දැක දෝත
පොඩි දරැවන්ගේ බඩගිනි නිවනට මෙය මට ද
රාජභාණ්ඩාගාරය ලැබුණා වාගෙයි අතට

අනුෂා හර්ෂණි කුමාරි
8 ශ්‍රේණිය,
කෑ/ මාව/ උස්සාපිටිය ශ්‍රී සුමංගල කනිෂ්ඨ විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...