හිමිදිරි උදයට අපේ වෙල්යාය

2025 අප්‍රේල් මස 20 ප.ව. 12:26 - {{hitsCtrl.values.hits}}  

කඳු මුදුනින් හිරැ පායා ගම්මානය එළි     වුණා
ලස්සන කුසුමන් පිබිදී පරිසරයම     දිලිසුණා
සමනලයන් මී මැස්සන් මල්පැණි බොන්නට     වුණා
පුංචි පුංචි පිනිබිඳු මුළු මිදුල පුරා     විසිරැණා

වෙල්යායේ නියර දිගේ ඇවිදන්     යනවා
සීතල පිනිබිංදු මගේ දෙපය පුරා     තැවරැණා
මීදුම පිරිලා දසතම දුමාරයෙන් පිරී     ගියා
කුරැලු රූන් කෑම සොයා දස අත ඉගිලී     යනවා

කොක් රූනක් මෙන් ළමයින් පාසල් යන්නට     වුණා
හිරැ රශ්මිය ටික ටික වෙල මැද්දට එන්නට     වුණා
උදලු කරට ගත් ගොවියෝ කුඹුරැ වැඩට යොමු     වුණා
උදෑසනක අසිරිය වෙල් යායට අත්පත්     වුණා

නෙත්මි කවීෂා බණ්ඩාර
9 ශ්‍රේණිය,
කු/වැල්ලව මධ්‍ය මහා විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...