හිමිදිරි උදයේ අසිරිය

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 04:53 - {{hitsCtrl.values.hits}}  

හිරැ කුමරා කඳු මුදුනින් එබී           බලනවා
පුංචි පුංචි මල් කැකුළුත් විකසිත     වෙනවා
පාට පාට කුරැලු රංචු පියඹා             එනවා
මේ හැම දේ උදෑසනම හැඩ කර     දෙනවා

ගිං ගඟ කොමළිය පහතට ගලා              බසිනවා
කුඹුරැ යාය සහ කෙත් වතු සරැකර          දෙනවා
පින්න වැදුණු ගොයම් කෙතම මුකුලිත     වෙනවා
මගේ පුංචි ගමේ උදය මේ ලෙස රඟ         දෙනවා

කුඩා ළමයි නියර දිගේ පාසල්           යනවා
දං බෝවිටියා කඩමින් උන් දිව           යනවා
විලේ පිපුණු මානෙල් මල් නෙළමින්     යනවා
හිමිදිරියේ අසිරිය මේ ලෙසට          කියනවා

කවීෂ තරැ කැලුම්
10 වැනි ශ්‍රේණිය,
ගා/ක්‍රිස්තුදේව පිරිමි විදුහල,
බද්දේගම.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...