හිමිදිරි උදෑසන

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 04:51 - {{hitsCtrl.values.hits}}  

හිරැ කුමරා කෙමෙන් කෙමෙන් නැග     එන්නේ
දේදුන්නට අලුත් අලුත් වර්ණ         ලැබෙන්නේ
කන්ද උඩින් කුකුළෙක් දෝ            හඬාපාන්නේ
කැලණි ගගේ දිය දහරා එළිය           කරන්නේ

ශ්‍රී පාද අඩවියෙන් ඝණ්ටා නාද        ඇසෙන්නේ
සීගිරි ගල මුදුනින් කාශ්‍යප හඩ           දෙන්නේ
ශ්‍රී මහ බෝ පත් සෙවණින් සිසිල         දැනෙන්නේ
ඇම්බැක්කේ නවතම ලී කැටයම් මතු     වෙන්නේ

දුන්හිද කුමරිය රන්දිය කැට             වස්සන්නේ
බෝපත් කුමරිය ඒ සිංදුව                ගයමින්නේ
දියලුම කුමරිය වීණා රාවය                  දෙන්නේ
තුන් කුමරියො එකතුවෙලා මුහුදට        යන්නේ

යසුරි පැහැසරා
8 වැනි ශ්‍රේණිය,
ර/අයගම ශ්‍රී රාහුල මැදි මහ විදුහල.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...