හිමිනැති පාසල් දිවිය

2025 අප්‍රේල් මස 10 පෙ.ව. 08:10 - {{hitsCtrl.values.hits}}  

සුදෝ සුදු රුලි ගවුම     ඇඳන්
පොත් මිටිය ළමැදට තුරැලු     කරන්
පුංචි නියරේ අඩිපාර     මතින්
යන්නේ පාසල් කවදාද සතුටු     සිතින්

පන්තිය ඇතුළේ මුල් ම  බංකුවේ     වාඩිවෙමින්
චූටි ටීචගෙන් චූටි කතන්දරයක්     අසමින්
පාසල නිමවී ගෙදරට  දුවගෙන     ඇවිදින්
පාඩම් කරන්න මට ආසයි අනේ     ඉතින්

උදේ පාන්දර අම්මා හේනට     යන්නේ
පොඩි මල්ලී බඩගින්නේ     අඬන්නේ
තාත්තා සිහිවී කඳුළක්     උනන්නේ
පාසල් දිවිය මට සිහිනෙන්     පෙනෙන්නේ

සජිනි සඳලංකා වීරපාල
11 ශ්‍රේණිය,
කෑ/ දෙහි/ ආනන්ද කිර්ති මහා විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...