2025 අප්‍රේල් මස 21 ප.ව. 10:22 - {{hitsCtrl.values.hits}}
හිරැ කුමරා කන්ද උඩින් එබි බලනවා
කුරැල්ලන්ගෙ ගී මියැසිය දසත ඇහෙනවා
මල් පොහොට්ටු එබී එබී ලෝකෙ බලනවා
උදෑසනක අසිරිය මට මැවිලා පෙනෙනවා
කුක්කු කුක්කු කුකුළා හඬනවා
පුංචි ළමෝ කඩිරුළ මෙන් පාසල් යනවා
කුරැලු පැටවු හනි හනිකට පියා සලනවා
උදෑසනේ අසිරිය තව වැඩිව පෙනෙනවා
වනමල් සුවඳ දිදී දවස ප්‍රීතිමත් කරයි
කුරැල්ලන්ගේ කිචි බිචි නද තවත් වැඩි කරයි
සීත සුළං මද පවනේ සිසිල බෙදාලයි
උදෑසනින් මුළු දවසේ ප්‍රීතිය සලසයි
චේතනා ගිම්හානි
9 ශ්‍රේණිය,
බ/වැලිමඩ මධ්‍ය විද්‍යාය,
වැලිමඩ.
![]() |
diary Read more... |