2025 අප්‍රේල් මස 10 පෙ.ව. 08:12 - {{hitsCtrl.values.hits}}
පුංචි පුංචි මල් පොහොට්ටු විකසිත වන්නේ
ඈත පෙනෙන කඳුවැටියෙන් හිරැ නැග එන්නේ
චූටි චූටි කුරැලු පැටවු ගීත ගයන්නේ
ඒ ගීතෙන් මුළු ගමේ ම අය පිබිදෙන්නේ
දහස්පෙතියා නෙළුම් රෝස මල් නැගිටින්නේ
නෙළුම් විලේ මාළු පුංචො පිනුම් ගසන්නේ
ගම මැද ඉන්නා කුකුළෝ තාල තබන්නේ
ප්‍රබෝධවත් දිනකි මෙසේ අද ඇරඹෙන්නේ
රන්වන් වෙල් යායේ කරල් දසත වැනෙන්නේ
නේක වර්ණ මල් කැකුළියො ගස් සරසනනේ
කුරැලු පැටවු කූඩුවලින් එබී බලන්නේ
මේ වගේම සොඳුරැ දිනක් හෙට ද තිබෙන්නේ
ඉරෝෂ් තාරැක විමලරත්න
8 ශ්‍රේණිය,
කු/ ශ්‍රී සරණංකර සංඝරාජ මහා විද්‍යාලය,
මහපිටිය, පොතුහැර.
![]() |
diary Read more... |