5න් හයට

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 07:56 - {{hitsCtrl.values.hits}}  


පහෙන් හයට ගියදා මට
අලුත් වගේ දැනුණා
මුල් පාසල දාලා මට
යන්න දුකත් හිතුණා

පහේ නොලැබු නිදහස මං
හයෙන් ගන්න හිතුවා
එහෙම එපා එහෙම එපා
අම්මා මට කිවුවා

යහළු මිතුරැ සෙල්ලම් දැන් තහනම් ඇයි     අම්මේ
දුවන පනින මගේ හිතට පොත් විතරද     අම්මේ
මගේ හුඟක් යහළුවනුත් මේ වාගෙයි     අම්මේ
දුවලා පැනලා නටන්නෙ අපි කවදාදෝ     අම්මේ

 

තිසර සදෙව් රත්නායක
6 ශ්‍රේණිය,
කුලි /මධ්‍ය මහා විද්‍යාලය,
කුලියාපිටිය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...