5 ශිෂ්‍යත්වය

2025 අප්‍රේල් මස 19 ප.ව. 07:23 - {{hitsCtrl.values.hits}}  

ශිෂ්‍යත්වයට විතරයි
පන්ති යන්නෙ ඔයයි මමයි
වැඩි ලකුණු ගැනුමයි
මට කිවුවේ අම්මයි

ටිකක් ලකුණු අරන් එහෙම
ගෙදර එන්න එපා ඔන්න
ලංකාවෙන් පළවෙනියා
වෙන්න ඕනැ මගේ පුතා

සතෙක් දැක්කොත් එහෙම
පාද කීයද ඌට
ලගින්නේ කොහෙද  ඌ
කියා අසයි අපේ අම්මා

ගහක් වැලක් දැක්කෝතින්
ප්‍රශ්න අසයි වැලක් ලෙසට
තවත් ඉගෙන ගන්න දෙයක් 
ඉතිරි වෙලා නැතිව ඇති

හේවගේ විශ්මි සංකේතා
6 ශ්‍රේණිය,
කෑ/ ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...