උදෑසන අසිරිය

2024 ඔක්තෝබර් මස 06 පෙ.ව. 03:53 - {{hitsCtrl.values.hits}}  

කන්ද උඩින් හිරැ කුමරා එබී     බලනවා
බටිති මලිති කුරැලු ගීත නද     පැතිරෙනවා
රන් සමනල රූන පිටින් මල් පැණි     බොනවා
පියකරැ උදයක අසිරිය දැන්     සිහිවෙනවා

කොක්කු රෑන සේ ළමයින් පාසල්     යනවා
පුංචි විලේ දණ්ඩි පැටවු පිනුම්     ගහනවා
කැකුළු පිපී විලි මැද්දේ සුවඳ     හමනවා
හරි ලස්සන පරිසරයක් නොවෙද     සිතෙනවා

රනීෂා මල්ෂානි
6 ශ්‍රේණිය,
බප/ගම්/ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලය.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...