ඩෙවොන් දියඇල්ල

2024 දෙසැම්බර් මස 21 ප.ව. 03:54 - {{hitsCtrl.values.hits}}  

 
 
සීතල සුළං හැම පැත්තෙන් හමන්නේ
එක යායට හරිත වර්ණයෙන් දිලිසෙන්නේ
ඈතින් ඈතට මනහර කඳු දිස්වන්නේ
ඩෙවොන් කුමරි කඳුකරයට සිරිය ගෙනෙන්නේ
 
පෙණ පිඩු නංවා ජලකඳ කඩා වැටෙන්නේ
ගල්පර අතරින් ඔබ කොහි සිටදෝ එන්නේ
ඔබේ දසුන අපේ නෙත්සිත් වසඟ කරන්නේ
ඩෙවොන් කුමරි කඳුකරයට සිරිය ගෙනෙන්නේ
 
තුරැලිය මත පිපි කුසුමන් බලා සිටින්නේ
සියොතුන්ගේ ගී නාදය දසත ඇසෙන්නේ
දියරුළි නංවා නිහඬව ගලා බසින්නේ
ඩෙවොන් කුමරි කඳුකåරයට සිරිය ගෙනෙන්නේ
 
චතුනි චමත්කා
6 ශ්‍රේණිය,
බප/කැල/මහාමායා බාලිකා විද්‍යාලය,
කඩවත.
දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...